
අදට නියමිත අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් මාර්තු 29 වනදා ආරම්භ කරන ලද 2021 සාමාන්‍ය පෙළ විභාගය සහ 2021 උසස් පෙළ විභාගයට අදාළ නර්ථන හා සංගීත විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අද දින පැවැත්වීමට නියමිතවූ අතර දේශීය නර්ථනය, භරත නර්ථනය, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී විමට නියමිතව තිබූ අපේක්ෂකයින් පමණක් හෙට දිනයේ පරීක්ෂණ මණ්ඩල වෙත පැමිණ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා නැවත දිනයක් ලබාගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.
සඳුදා දින සිට නියමිත පරිදි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් එදින සිට ඉතිරි දිනයන්හිදී ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වේලාවන් ලැබී ඇති විභාග අපේක්ෂකයන් තමන්ට නියමිත දින නියමිත වේලාවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල වෙත පැමිණෙන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval