woman-death-morawaka-police

මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ තිදරු මව මොරවක පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, වරල්ල, නිදිගම පදිංචිව සිටි තිදරු මවක වන ලෙවිචමන් ශාන්ති (අවු.36) නමැත්තෙකි. පසුගිය පෙබරවාරී 21දා මොරවක මහේන්සේත්‍රාත් අධිකරණයේ විභාග වූ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම් පනත යටතේ මියගිය කාන්තාව විසින් පවරපු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මරණකාරීණියට වරෙන්තු නිකුත් කර තිබේ.



නඩුව පැමිණිලි කරන අවස්ථාවේ සිටි ලිපිනයත් හැදුනුම්පතේ ඇති ලිපිනයත් කාන්තාව නොසිටි බැවින් සොයා බැලීමේදී වරල්ල ප්‍රදේශයේ නිවසක දරුවා සමග සිටින බවට ලද තොරතුරකට අනුව පෙන්වා (28දා) සවස 6.30ට පමණ කාන්තාව වයස අවුරුදු 2යි මාස 10ක දරුවාද සමග අත්අඩංගුවට ගත් බවට මොරවක පොලීසිය පවසයි. පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාව පසුදින  අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර රාත්‍රි 8.45ට පමණ දරුවා අඩන ශබ්දය ඇති සොයා බැලීමේදී කාන්තාව කතා නොකිරීම හේතුවෙන් වහාම මොරවක කොස්නිල්ගොඩ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව පරික්‍ෂවලදී අනාවරණය විය.

මියගිය කාන්තාවට දරුවන් තිදෙනෙකු සිටින බවත් පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙකුත්, දෙවන විවාහයෙන් දරුවකුත් සිටින අතර පළමු විවාහයේ දරුවන් දෙදෙනා මියගිය කාන්තාවගේ සහෝදරයකුගේ නිවසේත් දෙවන විවාහයේ දරුවා මිය ගිය මව සමගත් සිට ඇත. මියගිය කාන්තාව වරල්ල ප්‍රදේශයේ නිවසක ගෘහ සේස්විකාවක් වශයෙන් සිට ඇති අතර ඒ සිටින අතරතුර මෙසේ වරෙන්තුවකට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

මියගිය කාත්තාව මිය යාමට පෙර ගෘහ සේවිකාවක වශයෙන් සිටී නිවසේ හිමිකරු මෙලෙස පවසා සිටියේය.

"ඉකුත් 28 වැනිදා සවස මට නිවසට අවශ්‍ය ආහාරපාන රැගෙන ඒම සඳහා වෙළඳ සැලට ගිය අවස්ථාවේ තම ගෙදර සිටින කාන්තාවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති බැවින් අත්අඩංගුවට ගැනීම සදහා පැමිණි බවට පොලිස් නිලධාරින් පැවසුවා.හෙට මෙම කාන්තාව මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නම්. දැන් පොලීසියට එක්කගෙන යන්න අවශ්‍ය නෑ යනුවෙන් මා පොලිස් නිලධාරීන්ට පැවසුවත් අත්අඩංගුවට ගත යුතුමයි කියා රැගෙන ගියා.‍



මෘත දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු අජිත් ලියනගේ මහතා විසින් පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ මරණය හදිසි හෘදයාබාධයකින් සිදුවූවක් ලෙස නිගමනය කර ඇත.

දෙනියාය පොලිසිය පරීක්ෂණ පවත්වති.