Peradeniya-engineering-student-commits-suicide-by-writing-exam-calendar-page

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් ඊයේ (29) විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේදී ගෙළ වැලලාගෙන මියගියේය.
විශ්ව විද්‍යලයේ ඉංජිනේරු පීඨ සිව්වන වසරේ සිසුන්ගේ අවසන් විභාගය මෙම දිනවල පැවැත්වෙන අතර මියගිය සිසුවා එම විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට හැර සෙසු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා තිබූ අයෙකි.


අවසන් ප්‍රශ්න පත්‍රය දිනයට පෙර දින රාත්‍රියේ ඔුහ සියදිවි නසාගන්නේ විබාග පීඩනය දරන්නට බැරි බව කියමිනි.

අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට මොහු නොපැමිණීම නිසා ඔහුගේ මිතුරන් දුරකතන ඇමැතුම් ලබාදී ඇතත් දුරකථනය විසන්ධිකර තිබී ඇති අතර පසුව නේවාසිකාගාරයට දන්වන්නට මිතුරන් කටයුතු කර ඇත.

විශ්ව විද්‍යාලයේ සේනක බිබිලේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි මෙම සිසුවා ඔහුගේ කාමරය තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී මුලින්ම දැක ඇත්තේ ඔහුගේ කාමරයේ සිටි මිතුරන් දෙදෙනායි.

‘මට සමාවෙන්න,මේ පීඩනය තවත් දරා ගන්න බැහැ,මගේ මරණයට කිසිවෙක් වගකිව යුතු නැහැ ‘යනුවෙන් සිසුවා කැලැන්ඩර පිටුවක පිටුපස ලියන ලද සටහනක්ද කාමරයේ තිබී සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ යූ.ජී.එස් සසංක නැමැති විසිපස් හැවිරිදි සිසුවෙකි.