premalal-jayasekara-released

පුද්ගල ඝාතන චෝදනාවකට මරණීය දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු
මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද
(31) තීරණය කළේය.



2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර
පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකර
මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ අභියාචනාව සලකා බැලීමෙන් අනතුරුව
අද ඔවුන්ව නිදොස්කොට නිදහස් කිරීමට තීරණය කෙරුණි.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් නියම කෙරුණු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීම සම්බන්ධයෙන් 2020 දී පාර්ලිමේන්තුව තුළ විරෝධයක් මතු වූ නමුත් එය යටපත් කර ඔහුට මන්ත්‍රීධූරයේ කටයුතු කිරීමට කතානායකවරයා අවසර දී තිබුණි.

ඔහු මරණ දණ්ඩනය නියමව සිටින සිරකරුවෙකු පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීමේ ඓතිහාසික වාර්තාවටද හිමිකම් කියුවේය.