ඔහු පෙන්වා දෙන්නේ මෙම කප්පාදුවෙන් සිදුවී ඇත්තේ ජනතාවට පැය කිහිපයක් කළුවරේ සිටීම පමණක් බවත් කිසිදු බලශක්තියක් ඉතිරි කරගැනීමට නොහැකි වී ඇති බවත්ය. ඊයේ (22 වැනිදා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙලෙස අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සභාපතිවරයා මෙසේද කියා සිටියේය.
‘‘අපි පැය දෙසිය දහඅටක් පසුගිය පෙබරවාරි දහනවය ඉඳලා ඊයේ වෙනකන් විදුලිය විසන්ධි කරලා තියනවා. එක කලාපයකට පැය එකසිය විසි තුනයි, අනෙක් කලාපයට පැය අනූතුනක් ලෙස තමයි කප්පාදුව කරලා තියෙන්නේ. නමුත් ඉතිරි කරගන්න පුළුවන් වුණේ ගිගාවොට් පැය හැත්තෑ අටයි. විදුලි කප්පාදුවක් සිදුකරන්නේ බලශක්තිය සුරැකීමේ අරමුණින් නමුත් දැන් වෙලා තියෙන්නේ ජනතාව අඳුරේ හිටපු එක විතරයි. කිසිම වාසියක් වෙලා නැහැ කප්පාදුවෙන්. අපිට වාසිදායක ලෙස ඉතුරු කරගන්න හැකියාව ලැබිලා නැහැ බලශක්තිය. ජල විදුලි නිෂ්පාදනයත් සියයට පනහකින් අඩු කරලා තියෙන්නේ. නමුත් ඉතුරු කරගන්න පුළුවන් වුණේ අඩු ප්‍රමාණයක් විතරයි.
සමහර ආයතන සහ පුද්ගලයන් විදුලිය නැති වෙලාවේ කරගන්න බැරි හැමදේම විදුලිය ආපු ගමන් වෙනදාටත් වඩා කාලයක් අරගෙන කරනවා. එතකොට කොහොමද ඉතුරු කරගන්නේ බලශක්තිය. සියයට තිහක පමණ විදුලි කප්පාදුවක් දවසට සිදුවනවා. නමුත් බලශක්තිය ඉතුරු කරගන්න පුළුවන් වුණේ සියයට දහයකින් විතරයි. මිනිස්සු කළුවරෙත් ඉඳලා දුක් විඳලා ප්‍රශ්නවලට මුහුණ දීලා නමුත් වැඩක් වෙලා නැහැ. රටට වැඩක් වෙලත් නැහැ’’. -
(අශිකා ජයවීර)