
රාජකාරි වේලාවේදී නැටුම් ගුරුවරියක සමග අශෝභන ලෙස හැසිරුණු බව කියන තිස්සමහාරාම, මහසෙන්පුර පාසලක විදුහල්පතිවරයකු තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේ පාසලකට වහාම ස්ථාන මාරුකර යවා ඇතැයි හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.
අදාළ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු එම තීරණය ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය.
අදාළ විදුහල්පතිවරයා රාජකාරි වේලාවේදී නැටුම් ගුරුවරිය සමග සිටි අයුරු ජංගම දුරකථනයකින් රූගතකර කර දෙමාපියන් විසින් හම්බන්තොට අධ්‍යාපන කලාප කාර්යාලයට ලබා දී තිබේ. ඒ පිළිබඳ හම්බන්තොට කලාප කාර්යාලයෙන් පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර, එහිදී නැටුම් ගුරුවරිය සඳහන් කර ඇත්තේ මුලදී බලහත්කාරයෙන් ඇය බිය ගන්නවා ඇයට අතවර කළ බවයි.
ගාල්ලේ සිට පැමිණෙන එම නැටුම් ගුරුවරියට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දී තිබූ බවද පැවසේ. ගාල්ලේ සිට පැමිණෙන ඇයට සදුදා පෙරවරු 10.00 වන තෙක් පාසලට පැමිණීමට හැකි බවත්, සිකුරාදා පෙරවරු 10.00ට පමණ පාසලෙන් නික්ම යාමට ද අවසර දී ඇති අතර, විදුහල්පතිවරයාද ගුරුවරිය සමග පාසලෙන් නික්ම යන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval