political-situation-update

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී කල ඉල්ලීමකට අනුව මෙම සමුළුව කැඳවා තිබේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බව දන්වා තිබෙයි.
කෙසේවෙතත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජනතා ජාතික සන්ධානය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය  ලංකා කම්කරු කොංග්‍රසය මෙම සමුලුව වර්ජනය කිරීමට තීරණය කර ඇත.
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නියෝජනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ද මෙම සමුළුවට සහභාගි නොවන බවත් ඒ වෙනුවට එම සියලූ පක්ෂ නියෝජනය වන පරිදි නියෝජිතයන් දෙදෙනෙකු පමණක් ඊට සහභාගී කරවන බවත් දන්වා ඇත.


----------
“ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු, 74 වසරක ශාපය නිමාකරමු” යන තේමාව යටතේ පැවැත්වෙන “ජාතික
ජන බලවේගයේ” විරෝධ රැලිය අද (23) නුගේගොඩ දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ කිරීමට නියමිතය.
පස්වරු 3.00ට දෙල්කඳ හන්දියෙන් පෙළපාළිය ආරම්භ කර නුගේගොඩට පැමිණීමෙන් පසු රැස්වීම නුගේගොඩ
ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයන්, සාමාජිකයන්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගි
වීමට නියමිතය.
රටේ පවතින ආර්ථික පීඩනයත් සමඟ වයස් භේදයකින් තොරව මෙයට විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි
විශ්වාස කෙරේ.


------------

අද දිනයේ දී පාර්ලිමේන්තුව තුළ පෙරළියක් සිදුකරමින් විමල් වීරවංශ ඇතුළු පක්ෂ 10ක කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් ව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීම සිදු වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කර තිබේ.

ඊයේ දින කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ජාවක දී මෙම තීන්දුව ගෙන ඇති බවද දන්වා ඇත. විපක්ෂයේ අසුන් ගත්තත් ඔවුන් ප්‍රධාන විපක්ෂය වන සජබ සමග හවුලක් නොපවත්වන අතර ස්වාධීනව තීරණ ගන්නා බව දන්වා ඇත.