
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ රජය දැවැන්ත දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටී. මාර්තු 25 හෝ 28 යන දෙදින තුළ විශ්වාසභංග යෝජනාවට අදාළව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. ඇතැම් අනුමාන දේශපාලන ආරංචි පවසා ඇත්තේ පරාජයේ නම්බුව බේරාගන්නට විශ්වාසභංගයට පෙරම ඉම්රාන් ඉල්ලා අස්වනු ඇති බවකි.
පාර්ලිමේන්තුවේ කතාවෙන් පසු ඔහු මූලාසනයෙන් ඉවත්ව යනු ඇතැයිද මත පළවෙමින් තිබේ. කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන් පුටුව හැර යා යුතුද නැද්ද යන්න තීරණය වන්නට පෙර, ඔහුගේ හිටපු සමීපතමයන් දැන් දැන් ඉවත්ව යාමට පටන් ගෙන තිබේ.
මාධ්‍ය වාර්තාවලට අනුව ඉම්රාන්ගේ හිටපු උපදේශක ෂාසාඩ් අක්බාර්, ප්‍රධාන ලේකම් අසාම් ඛාන් සහ පාකිස්තානයේ හිටපු අගවිනිසුරු විනිසුරු ගුල්සාර් අහමඩ් මුල්ක් රට හැර ගොස් ඇත.
අක්බර් යනු දූෂණ සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඉම්රාන්ගේ උපදේශකයා විය.
ඛාන් ඔහුව බ්‍රිතාන්‍යයේ සිට පකිස්ථානයට ගෙන්වාගෙන තිබුණ අතර ඉම්රාන්ට අවශ්‍ය වූයේ නවාස් ෂරීෆ්ට සහ ඔහුගේ පවුලේ අයට දූෂණ චෝදනා සම්බන්ධයෙන් දඬුවම් කිරීමය. නවාස් පසුව සිරගෙදර සිට ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගියේය. ඔහුගේ සහෝදරයා ෂාබාස් සහ දියණිය මරියම් රටෙහි රැඳී සිටියහ.
අක්බර් පුවත්පත් සාකච්ඡා දුසිම් ගණනක් පවත්වා ෂරීෆ් පවුලට දොස් පැවරීය. නමුත් සාක්‍ෂි නැති නිසා අධිකරණය සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරන ලදි. රින්ග් රෝඩ්, සීනි, නිවාස වැනි වංචා සම්බන්ධයෙන් ඉම්රාන් රජයට චෝදනා එල්ල විය. මේ ගැන නිහඬතාවයකින් පසුවී ජනවාරි අගදී අක්බාර් ඉල්ලා අස්වූයේය. ඉන් පසු ඔහු පෙනෙන්නට සිටියේ නැත. දැන් ඔහු සිය පවුලේ අය සමඟ නැවතත් ලන්ඩනයට ගොස් ඇති බව පැවසේ.
පළාගිය තවත් අයෙකු වන විනිසුරු ගුල්සාර් අහමඩ් ජනවාරි මාසය දක්වා පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා විය.එක පැත්තකින් ඔහු ඉම්රාන් රජයට පාලන ප්‍රශ්න වලදී සහයවූවකු වන අතර ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන ප්‍රශ්න ඉවතලන්නට උදව් කර ඇත්තෙකි.
ඉම්රාන්ගේ බොහෝ දූෂණ ප්‍රශ්න සම්බන්ධයෙන් මොහු බලපෑම් එල්ල කළේය. මේවායින් බොහොමයක් රජයට සම්බන්ධ කාරණා විය. ඔහු අවසන් මොහොතේ හමුදාව කෝපයට පත් කළේය.
ඔහු ලබාදුන් තීන්දුවකින් රටේ ආරක්ෂාව සඳහා ඉඩම් හමුදාවට ලබාදීමක් සිදුවිය. ගුල්සාර් සිය පවුල පිටින් එක්සත් ජනපදයට ගොස් ඇත.
පළාගිය අසාම් ඛාන් ඉම්රාන්ගේ රජයේ තවත් දැවැන්තයෙකි. ඉම්රාන්ගේ තීරණ පිටුපස ඇත්තේ ඉම්රාන්ගේ ප්‍රධාන ලේකම් අසාම් ඛාන්ගේ මනස බව පැවසේ. ඔහුගේ නියමයෙන් මාධ්‍යවේදී ලොකු පුටු සෙලවිණි. බොහෝ අය නාලිකාවලින් නෙරපා හරින ලදී. හමීඩ් මිර්, සලීම් සාෆි, අසාද් අලි ටූර්, ආලියා ෂා, රිස්වාන් රාසි සහ අර්සූ කස්මි මෙයට ඇතුළත් ය. දැන් මේ මාධ්‍යවේදීන්ම කරළියට ගෙන එන්නේ ඉම්රාන් සහ ඔහුගේ ඇමතිවරුන් සමාජ මාධ්‍යවල කළ අඳුරු සූරා කෑමයි. අසාම් රට විනාශ කළ බව විපක්ෂ නායක මවුලානා ෆසාල් උර් රෙහෙමාන් පැහැදිලිවම කියා තිබුණි. අසාම් ඛාන් කාලයෙහි බිඳෙනසුලු බව දැන සිටියේය. පසුගිය සිකුරාදා ඔහු ඩුබායි වෙත ගොස් එතැන් සිට පෞද්ගලික ගුවන් යානයකින් ඇමරිකාවේ මියාමි වෙත ගිය බවද පැවසේ.
ඇමරිකාවේ වෙසෙන පකිස්ථානු නීතීඥයෙකු, මාධ්‍යවේදියෙකු සහ සමාජ සේවකයෙකු වන Dr Sajid Tarad පැවසුවේ - ඉම්රාන්ගේ සමීප මිතුරන් පලා යාමේ ක්‍රියාවලිය ආරම්භ වී තිබෙනවා පමණයි. අඩුම තරමේ ඇමතිවරු 8ක්වත් දැන් රට ගිහින්. ජාතික ආරක්‍ෂක උපදේශක මොයිඩ් යූසුෆ් ද පිටත්ව යාමට නියමිතයි. ඉම්රාන්ගේ දරුවෝ ඉන්නේ ලන්ඩනයේ. පරාජයට පෙර ඉම්රානුත් එහි ගියහොත් පුදුමයක් නොවේ.
පෙර ලිපිය
බහුතරය නැතිවී රජය වැටෙන්න ආසන්නයි -ඉම්රාන් කාන් අන්තිම තුරුම්පුවත් ගහයි
Comments
Post a Comment
Your comment will be visible after approval