පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිගවීම නිසා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තාවේ. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද ඊයේ(8) පෙරවරුවේ ඇතිවිය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේම පාර්ලිමේන්තුවට දියර කිරි සපයාදී නැති බවයි.
මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්නද ඔවුන් දියර කිරි අවශ්‍ය තරම් ලබාදී නැති බවද එම ප්‍රධානියා සඳහන් කළේය. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිගයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි. හිඟතාව ඇතුළු විවිධ ගැටලු නිසා පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ කටයුතුද යම් ආකාරයකින් අඩාළවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
-අංජුල මහික වීරරත්න-
Comments
Post a Comment
Your comment will be visible after approval