
ශරීරය පුරා බාහිරව මෙන්ම අභ්‍යන්තරවත් ගැටිති හා ගෙඩි විශාල ප්‍රමාණයක් ඇතිවන
'නියුරෝෆයිබ්රොමැටොසිස්' රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය
විශේෂඥ ඩුලිප් පෙරේරා පැවැසීය.
රට පුරා විසිර සිටින මෙම රෝගීන් පිළිබඳව නිසි සංගණනයක් හෝ රෝගය පැතිර යෑම අවම කිරීම වෙනුවෙන්
කිසියම් වැඩපිළිවෙළක් සැකසීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගෙන නැතැයි හෙතෙම චෝදනා කළේය.
අවම වශයෙන් ශ්‍රී ලංකාවේ එම රෝගය වැලඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි සෞඛ්‍ය අංශ
සොයා බලා නැතැයිද ඔහු කියා සිටියේය.
තැලසීමියා රෝගය පිළිබඳ සිදු කරන දැනුවත් කිරීම්වලට වඩා වැඩි ඉඩක් මෙම රෝගය පිළිබඳව දැනුවත්
කිරීමට ලබාදිය යුතු යැයි කී විශේෂඥ වෛද්‍ය ඩුලිප් පෙරේරා ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ
තැලසීමියා රෝගය මෙන්ම නොව නියුරෝෆයිබ්රොමැටොසිස් රෝගයේදී මවත්, පියාත් දෙදෙනාටම හෝ එක්
අයකුට හෝ මෙම රෝගය තිබුණහොත් දරුවන් සියලු දෙනා අනිවාර්යයෙන් රෝගීන් බවට පත්වන බවය.
මෙය ස්නායු හා සම්බන්ධ රෝගයක් වන අතර එහිදී ස්නායු ගැට ගැසෙමින් විශාල වෙමින් පවතින බවත්
කපා ඉවත් කිරීමට හැකියාව ඇති ගැටිති මෙන්ම එසේ ඉවත් කළ නොහැකි ගැටිතිත් පැවැතිය හැකි බවත්
ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගැටිති ශරීර මතුපිට මෙන්ම ශරීරය තුළ ඕනෑම ග්‍රන්ථියක ඇතිවිය හැකි බවද පෙරේරා මහතා කීය.
ප්‍රමුඛජාන මඟින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මෙම රෝගයේ ලක්‍ෂණ දරුවන් බාල කාලයේ
නොපෙනී තිබුණත් වයසින් වැඩෙත්ම රෝග ලක්‍ෂණ මතු වන බවද හෙතෙම කියා සිටියේය.
විශේෂයෙන් මෙවන් තරුණ තරුණියන් එම විවාහ වූ පසු දරුවන් බිහි නොකළ යුතු යැයිද එයින් සිදුවන්නේ මෙම
රෝගීන් සංඛ්‍යාව වැඩිවීම යැයිද කී ඩුලිප් පෙරේරා මහතා මෙවන් රෝගීන්ට දරුවන් සාදා නොගන්නා
ලෙසට වෛද්‍යවරු අනිවාර්යයෙන්ම අවවාද කළ යුතු යැයිද කීය.
(විනීතා එම්. ගමගේ -Mawbima)
Comments
Post a Comment
Your comment will be visible after approval