keheliya-speaks

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාපෙරේදා (26දා) ගලගෙදර ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය.



 "ඇතැම් මාධ්‍ය ඒකම ඉන්ධන පෝලිමක් වත් අට වතාවක් පෙන්වමින් රටේ මහා භයානක තත්වයක් ඇති බව පෙන්වීමට උත්සාහ කරනවා. කෝවිඩ් තත්ත්වයත් සමග දෛනික ජීවන රටාවේ සිදු වූ වෙනස්කම් විඳ දරා ගැනීමට නොහැකිව ලෝකයේ සෑම රටකම විශාල ජන පිරිසක් මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලුවලින් පීඩා විඳිනවා. රටක් ලෙස අපි මේ පිළිබඳ මෙතෙක් වැඩි අවධානයක් යොමු නොකලත් මේ වන වනවිට ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර ක්‍රියා කරමින් සිටිනවා.

මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කරනවා. එය මේ රටට අහිතකර ලෙස බලපෑ හැකියි. විශේෂයෙන් ජාත්‍යන්තර ආයෝජන අඩු වීමටත් එය බලපා හැකියි.

පවතින අර්බුදය ආණ්ඩු මාරුවක් තුළින් විසඳුම් ලබාගත හැකි තත්ත්වයක නොපවතින බව ප්‍රධාන ප තේරුම්ගෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම හොඳ ප්‍රවණතාවක්. ජනාධිපතිතුමාද එය කැඳවූයේ ඉතාම යහපත් සිතින්. නමුත් පවතින අර්බුදය වාසියක් කරගෙන ආණ්ඩු ගන්න බලා සිටින පිරිසක් පමණක් ඊට සහභාගි වුණේ නැහැ”