
16 හැවිරිදි සිසුවකු එම වයසේ පසුවන සිසුවියකගේ දෙමාපියන් විසින් පැහැරගෙන යෑමේදී වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කඩවත ප‍්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් වන අතර අදාළ තරුණයාව පැහැර ගැනීමට භාවිතා කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙයි.
මෙහිදී සිදුකළ පොලිස් විමර්ශන මගින් අනාවරණයවී ඇත්තේ, පැහැර ගැනීමට ලක්වූ සිසුවා විසින් සිය ජංගම දුරකථනය මගින් සිසුවියගේ ජංගම දුරකථනයට අසභ්‍ය ආකාරයේ පණිවිඩ යැවීම හේතුවෙන් එම සිසුවියගේ දෙමාපියන් අදාළ තරුණයා පැහැරගෙන ඇති බවයි.
අදාළ තරුණයා සිය ජංගම දුරකථනය විකිණීමට ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර තිබෙනු දුටු සැකකාර දෙමාපියන් එම ජංගම දුරකථනය තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය යැයි පවසා සිසුවා වේයන්ගොඩ ප‍්‍රදේශයට ගෙන්වාගෙන පැහැර ගැනීම සිදුකර තිබෙයි.
අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වේයන්ගොඩ පොලිසිය සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval