
වෘත්තීය සමිති එල්ල කරන චෝදනාවකින් පැවසෙන්නේ ගෑස් හිඟය හේතුවෙන් රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවත් ඇතැම් රෝහල්වල රෝගීන්ට ලබාදෙන ආහාර වේල පවා ලබාදෙන්නට බැරිව ගොස් ඇති බවයි.
මෙම ප්‍රකාශ සාවද්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන
මහතා පවසයි. ඔහු ඒ ගැන ප්‍රකාශ කළේ මෙසේය,
"මුළු ලංකාවේම ඉන්න ආයතන ප්‍රධානීන් ඒ වගේම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය
සේවා අධ්‍යක්ෂවරු එක්ක අපි කතා කරා. ඔවුන් ට ඒ ගෑස් ගෙන්වන අය රෝහලට ප්‍රමුඛත්වය ලබාදීලා
මේ වෙනකල් නම් ගෑස් ලබාදීලා තියෙනවා. ඒ නිසා ඒ රෝහල්වලට එහෙම දැඩි අර්බුදයක් ආවේ නෑ.
සමහර වෙලාවට පොඩි ගෑස් හිඟයක් එන්න තිබුණ තැන් තියෙන්න ඇති නමුත් අපි සාකච්ඡා කරපු වෙලාවේ
දී ඒ සියලුදෙනාම කිව්වේ එහෙම ගෑස් හිඟයක් බලපෑවේ නෑ. ඒ නිසා රෝගීන්ට උයලා දෙන එක ගැන
ප්‍රශ්නයක් මේ වෙනතෙක් ඇති වෙලා නෑ."
Comments
Post a Comment
Your comment will be visible after approval