
ශ්‍රී ලංකාවට නව ආරම්භයක් සහ ජාතික පරිවර්තනයක් අවශ්‍ය බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඊයේ ප්‍රකාශ කළහ.
“අපට ජාතික පරිවර්තනයක් සහ නව ආරම්භයක් අවශ්‍යයි. අපට නිදහස ලැබී වසර 74ක් සපිරෙනවා, ශ්‍රී ලාංකිකයන් සෞභාග්‍යය කරා යන මාවත නිවැරදිද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුයි” යනුවෙන් කාදිනල් හිමිපාණන් පැවසුවේ කොළඹ, ක්‍රිස්තුදේව ගැලවුම්කාර දෙව්මැදුරේ පැවැති ඒකාබද්ධ ඇංග්ලිකානු හා කතෝලික දේව මෙහෙයකදීය.
“අද රට තිබෙන්නේ බලාපොරොත්තු විරහිත තත්ත්වයක එය දේශපාලඥයින් පමණක් නොව අප විසින් අපේ ඉරණම භාර දුන් දේශපාලන හා සංස්කෘතික බලවේග විසින් තමන්වම භාවිතා කිරීමට ඉඩ දී ඇති පුරවැසියන් විසින් කරන ලද වැරදි තේරීම් මාලාවක ප්‍රතිඵලයකි.
“පශ්චාත් නිදහස් යුගයේ දේශපාලන තේරීම් නිසා අද රට බරපතළ සදාචාරාත්මක, ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයක පවතී. අද මේ වැරදි සහ අදූරදර්ශීභාවය නිසා අපේ ආර්ථිකය කඩාවැටිලා, භාෂා ආගම් භේද මත ජාතීන් දෙකඩ වෙලා එකිනෙකා ගැන සැකයෙන් ඉන්නවා. අපි අපව හරවාගෙන නව ආරම්භයක් ලබා දෙන ලෙස අපි යාච්ඤා කරමු" යැයිද ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval