
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වැල්ලම්පිට්ය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. නදීෂා සංදීපනි (අවු.22) නමැති තරුණියක බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.සැකකරු සහ මරණකාරිය වසර 05ක පමණ කාලයක සිට පෙම්වතුන්ව සිට ඇති බවත්, සැකකරු මරණාකාරියගේ නිවසට නිතර ගොස් ඇති බවත් පසුගිය 16වැනිදා සැකකරු පෙම්වතියව වැල්ලම්පිටිය සේදවත්ත නිවසේ සිට ගම්පහ දොරගොඩ පිහිටි සැකකරුගේ නිවසට මෝටර් රථයකින් රැගෙනවිත් ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම සැකකරුගේ නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී සැකකරු විසින් තම පෙම්වතිය ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පසුව සැකකරු පෙම්වතියගේ මළසිරුර මෝටර් රථයේ දමාගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේදී කැලණි ගගට දමා ඇති බවත් මළසිරුර 18වැනිදා වැල්ලම්පිටිය පොලීසිය මගින් සොයාගත් අතර, දැනට මළසිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද පොලීසිය අධිකරණය හමුවේ පැවසීය.තම දියණිය අතුරුදන් බවට දෙමවුපියන් වැල්ලම්පිටිය පොලීසිය වෙත පැමිණිලි කිරීමට යාමයේදී සැකකරුද දෙමාපියන් සමග වැල්ලම්පිටිය පොලීසියට ගොස් ඇති බවත්, සැකකරුව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙම්මුල්ල පොලීසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ සදහන් කළේය.
මෙම එම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය ආරම්භ කළ ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා බෙම්මුල්ල පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.පී.බී.ජේ. බණ්ඩාර සහ සැරයන් සුනිල් (18200) යන නිලධාරින්ගේ මගපෙන්වීම මත ඊයේ (2) දහවල් තරුණිය ඝාතනයට ලක්වූ ස්ථානය නිරික්ෂණය කළේය. එම ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ බෙම්මුල්ල පොලිස් ස්ථාන මගින් වැඩිදුරටත් පරික්ෂණ සිදු කරනු ලබයි.
(ගම්පහ - ටෝගී කරුණානායක)-
Comments
Post a Comment
Your comment will be visible after approval