
සමස්ත බස් 23,500ක පමණ ප්‍රමාණයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බවත්, එම බස් රථවලීද සැලකිය යුතු ප්‍රමාණයකට නිසි ලෙස දෛනික ආදයම් නොලැබෙන බවත් එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය. දැනට ධාවනය වන බස් රථවලට උදේ කාලයේදී හා සවස් කාලයේදී මගීන් සිටියත් ඒ අතරමැද කාලයේදී මගීන් සිටින්නේ සුළු ප්‍රමාණයක් බවත්, එහෙත් බස් රථ ධාවනය කළ යුතු බවත් පවසා සිටි ලේකම්වරයා, මාර්ග තදබදය නිසා ඉන්ධන නිකරුණේ විනාශ වී යන බවද පැවසීය. මේ නිසා බොහෝ බස් රථවලට ලීසිං වාරික ගෙවීමට ආදායම් නොමැති වී තිබෙන බවත්, මේ නිසා බස් හිමියන්ට ලීසිං වාරික ගෙවීමට නොහැකි වී තිබෙන බවත් ප්‍රකාශ කළ ඒ මහතා, මෙම තත්වය මත සමාගම් විසින් ලීසිං වාරික ගෙවන ලෙස දිගින් දිගටම බස් හිමියන්ට දැනුවත් කිරීම සිදුකරන බවද පවසා සිටියේය.
ලීසිං වාරික ගෙවීම පැහැර හැර්ම මත තවමත් කිසිදු බස් රථයක් ලීසිං සමාගම් අත්පත් කර ගෙන නොමැති බවත්, එහෙත් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම මත ලීසිං සමාගම්වලට බස් රථ අත්පත් කරගත හැකි බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.කෝවිඩ් තත්වය නිසා ආදායම් අහිමි වීමෙන් බස් රථවලට ලීසිං වාරික ගෙවීමට නොහැකි වූ බවත්, ඒ වෙනුවෙන් රජය මැදිහත්ව වාර්තක ගෙවීමට සහන කාල ලබාදීමට කටයුතු කළත් සහන ලැබුණු වාරික ගෙවීමේදී වැල් පොලියක් අය කරන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.
මේ නිසා බස් කර්මාත්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවත්, මේ නිසා බලධාරීන් වහාම මෙම තත්වය තේරුම් ගෙන බස් කර්මාන්තය රැකගැනීමට වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
(ඉන්දික හේවාවිතාරණ)
Comments
Post a Comment
Your comment will be visible after approval