
හදිසි විකිරණ ප්‍රහාරයකදී එහි බරපතළකම මැනීමට ශ්‍රී ලංකා පරමානුක බලශක්ති මණ්ඩලය සතුව තිබූ විශේෂිත උපකරණයක් හොර රහසේ පිට රටකට රැගෙන ගොස් විකිරණ පරීක්ෂාවක් සිදු කළ ජාවාරමක් සම්බන්ධව චෝදනාවට එම මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අනුරුද්ධ ජයලත් නමැති ශ්‍රී ලංකා පරමානුක බලශක්ති මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
2021 නොවැම්බර් 27 වැනිදා ඔහු එම මණ්ඩලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම විශේෂිත විකිරණ මනින උපකරණය මාලදිවයිනේ ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රෝහලේ විකිරණ මැනීමට රැගෙන ගිය බවට ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනමත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
2017 දී මෙම බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ ධුරයෙන් විශ්‍රාම ගන්නා සැකකරු එහි නිලධාරීන්ගේ සහාය ඇතිව රජයේ වියදමින් ගත් උපකරණයක් විදෙස් රටකට ගෙනගොස් ඇතැයි හෙළි වී ඇත්තේ එම මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා කරන ලද පැමිණිල්ලක් මතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති තුසිත කහගල්ලලට ලද පැමිණිල්ලක් මත උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණතිලක විමර්ශන අරඹා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval