
විදුලිය අර්බුදයට විසඳුම් නොදෙන සියලු දෙනාට සහ මෙම අර්බුදය ඇති කිරීමට අනුමැතිය දෙන්නා වූ සියලු දෙනාට වස් කවියක් පේ කිරීම ඊයේ (21) සිට ආරම්භ කළ බව විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පැවසීය.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ විදුලි බිල වැඩිකිරීමට එරෙහිව කොළඹ දී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දක්වා සිටි විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම්වරයා මෙසේද අවධාරණය කළේය.
" අපි මේ කන්නලව්ව රටටත් ජාතියටත් සෙත් පතා පතන්න වගේම, මේ විදුලිය මාෆියාවට හෙණ හතම වැදියන් කියලයි., ජනතාවට ප්‍රශ්න රාශියක් තිබෙන මොහොතක විදුලි බිල වැඩි කරන්න හදන වෑයම අසාර්ථක කරන්නට විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය හැටියටයි අපි ක්‍රියා කරන්නේ.
මේ විදුලි අර්බුදයට අණ කරන විනකරන අයට හෙණ හත ඉල්ලා අපි වස්කවියක් සේම පොල් ගෙඩියක් පේ කරන්නත් ආරම්භ කළා.
මේ පොල් ගෙඩිය අපි දින හතක් පේ කරල අපේ ගුරුන්නාන්සේ කියලා දුන්න ආකාරයට දේවාලයක් ඉදිරියට හෝ කෝවිලක් ඉදිරියට ගිහිල්ලා, මේ විදුලි අර්බුදය ඇති කරන්නට සම්බන්ධ වූ සියලු නිලධාරීන්ට,ඉංජිනේරුවන්ට, විදුලි අර්බුදයට අදාළ ක්‍රියාවන්ට අත්සන් කරන්නාවූ අනුමැතිය දෙන්නාවූ සියලු දෙනාටම හෙන හතම වදින්න කියලා මේ පොල් ගෙඩිය පොළොවේ ගහන්න අපි සූදානම් කරලා තියෙනවා.
ඒ වගේම අද අන්තර්ජාලයට මුදාහරින වස්කවිය කියවා, ඒක තව තවත් අන්තර් ජාලය ඔස්සේ මේ මොහොතේ විදුලි කප්පාදුවෙන් පීඩා විඳින සාමාන්‍ය ජනතාවට, ව්‍යාපාරික ජනතාවට වාගේම අනෙකුත් සියලුම තරාතිරම්වල ජානතාවට හැකි උපරිමයෙන් බෙදා හරින්න කියලා ඉල්ලනවා. මේ ක්‍රියාව සාක්ෂාත් කරගන්නට සැවොම එකමුතු වෙන්න කියා මේ සියයට අනූනවයක් ඉන්න විදුලි පාරිභෝගිකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා"
Comments
Post a Comment
Your comment will be visible after approval