
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයක ගමන් කර ත්‍රිරෝද රථයක් මංකොල්ලකෑමට තැත් කළ සැකකරුවෙකු හා සැකකාරියක අදාළ ත්‍රිරෝද රථය සමග මාලඹ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාලඹේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික කස්තුරිආරච්චි මහතාට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (22දා) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 04 වැනිදා හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට රක්ෂිත බන්ධනාගාරගත කළ බවද පොලීසිය සඳහන් කරයි.පසුගිය 15වැනිදා රාත්‍රියේදී පිටකොටුව සිට මාලඹේ ප්‍රදේශයට අදාළ ත්‍රිරෝද රථයෙන් පැමිණි සැකකරු හා සැකකාරිය අතුරු පාරකට ත්‍රිරෝද රථයෙන් ගමන් කර රියදුරට පහරදී ත්‍රිරෝද රථය මංකොල්ලකා තිබේ. අත්අඩංගුවට පත් සැකකරු 29 හැවිරිදි විය පසුවන අතර, සැකකාරිය 23 හැවිරිදි වියේ පසුවන බවත්, ඇය සැකකරුගේ අනියම් බිරිද බවත් වාර්තා වේ.
(ඉන්දික හේවාවිතාරණ)-
Comments
Post a Comment
Your comment will be visible after approval