No-protest-against-fuel-price-hike-Petroleum-Chairman

ඉන්ධන මිල වැඩි කළාට, ජනතාවගෙන් විරෝධයක් මතු නොවුණ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති
සුමිත් විජේසිංහ මහතා පැවැසීය.

තමා ඉන්ධන පිරවුම් හල්වලට ගොස් එහි ඇති ප්‍රශ්න පිළිබඳව සොයා බලා ඇති බවත්,

තවත් දින දෙකකින්
ජනතාවගේ ඉන්ධන ගැටලුව විසඳීමට කටයුතු කරන බවත් සුමිත් විජේසිංහ මහතා කීය.

ඉදිරි දෙදින තුළ ඉන්ධන හිඟය පහව යනු ඇතැයි ඔහු සඳහන් කරයි.  පවතින ඉන්ධන හිඟයටත් හේතුවනුයේ
ජනතාව කෑන්වල ඉන්ධන එක්රැස් කිරීම කරන බවද ඔහු පැවැසීය.

කෙසේ නමුත් ඊයේ (23දා) දිනද දිවයිනේ බොහෝ  ප්‍රදේශවල පිහිටි ඉන්ධනහල්වල ඩීසල් සහ පෙට්රල්
පෝලිම් දක්නට ලැබිණි.



ඒ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන දෙවැනි ඉන්ධන නෞකාවේ ඇති පෙට්රල් මෙටි්‍රක්ටොන්
35,000කට අධික තොග රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ කොළඹ වරායට සේන්දු විය. මේ වන විට
දෛනික ඉන්ධන පාරිභෝජන වඩා ඉහළ මට්ටමටක පැවැතීම හේතුවෙන් ඉන්ධනහල් වෙත නිකුත් කෙරෙන ඉන්ධන
තොග ඉතා ඉක්මනින් අවසන් වන බවද තෙල් සංස්ථාව නිරීක්ෂණය කොට ඇත. මේ අතර ඊයේ (23දා) සිට
තෙල් සංස්ථාවට අයත් සියලු ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබාදීමේ කටයුතු අධීක්ෂණය සඳහා යුද හමුදාව
ආයුධ රහිතව කැඳවා තිබේ.