Death-of-an-outdoor-prisoner-with-a-jailor-and-a-prison-guard

ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් සිරකදවුරේ රඳවා සිටියදී පළාගිය සිරකරුවකු නැවත අත්අඩංගුවට ගැනීමෙන් පසු හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධිය සම්බන්ධන්ධයෙන් සැකපිට එම සිරකඳවුරේ සේවය කළ ජේලර්වරයකු හා බන්ධනාගාර නියාමකවරයකු ඇඹිලිපිටිය පොලීසිය විසින් පෙරේදා (21දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට පත් ජේලර්වරයා දෙබරවැව අක්කර 07 ප්‍රදේශයේ පදිංචි හතළිස්හය හැවිරිදි පුද්ගලයකු බවත්, නියාමකවරයා සූරියවැව, විහාරගල, සම්පන්ගම ප්‍රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.

මේ පිළිබද පැවැත්වූ මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරික්ෂණයන්ගෙන් පසු මෙම මරණයට හේතුව පහරදීමක් හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර සිදු වූ ලේ වහනයක් බවට අනාවරණය වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.

ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි හතළිස් නව හැවරිදි චමින්ද හෙට්ටිගේ නමැති සිරකරු ඉකුත් ජනවාරි 13 දින කඳවුරෙන් පළාගොස් නැවත අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම සිරකරුට පහරදී ඝාතනය කිරීම සැකකාර ජේලර්වර්යාට සහ ඛන්ධනාගාර නියාමකවරයාට ඇති චෝදනාවයි.මෙම සිරකරු සිරකදවුරෙන් පලාගිය පසු, බන්ධනාගාර නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව ඉකුත් මාර්තු මස 14දා එම සිරකරුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු මරණ පරික්ෂණයන්ගෙන් පසු මෙම මරණයට හේතුව පහරදීමක් හේත්තුවෙන් ශරීරයේ අභ්‍යන්තර සිදු වූ ලේ වහනයක් බවට අනාවරණය වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.

ඇඹිලිපිටිය කඳුරුගආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි හතළිස් නව හැවරිදි චමින්ද හෙට්ටිගේ නමැති සිරකරු ඉකුත් ජනවාරි 13 දින කඳවුරෙන් පළාගොස් නැවත අත්අඩංගුවට ගැනීමෙන්

පසු මෙම සිරකරුට පහරදී ඝාතනය කිරීම සැකකාර ජේලර්වර්යාට සහ ඛන්ධනාගාර නියාමකවරයාට ඇති චෝදනාවයි.මෙම සිරකරු සිරකදවුරෙන් පලාගිය පසු, බන්ධනාගාර නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව ඉකුත් මාර්තු මස 14දා එම සිරකරුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු  ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබුණි.

මෙම මරණය සම්බන්ධයෙන් සිදු කළ මහේන්සේස්ත්‍රාත් පරික්ෂණයෙන් හා පශ්චාත් මරණ පරිමාණයෙන් පසුව මෙම සිරකරුගේ මරණයට හේතුව පහරදීමෙන්

ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදු වී ලේ වහනයකින් සිදු වූවක් බවට ඉකුත් 09 වාර්තා ලැබීමෙන් පසුව ඇඹිලිපිටිය පොලීසිය විසින් සැකකාර ජේලර්වරයා හා බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.--