A-control-price-of-Rs.-92-per-kilo-of-paddy-and-Rs.-140-per-kilo-of-rice

වී කිලෝවක් සඳහා රුපියල් 92ක් වැනි අධික මුදලක් නියම කර තිබියදී රජය විසින් සහල් කිලෝවක් සදහා රුපියල් 140ක පාලන මිලක් නියම කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ හරහා සමස්ත මෝල් කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක් වන බව වී මෝල් හිමියෝ සඳහන් කරති.

රජයේ සහතික මිලට අනුව නාඩු වී කිලෝවක් මිලදීගත යුත්තේ, රුපියල් 92ක මිලකට බවත්, සහල් කිලෝවක් සකස් කිරීම සදහා වී ග්‍රෑම් 1,600ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් එම පිරි දෙති.මේ අනුව සහල් කිලෝවක් සකස් කිරීම සදහා අවශ්‍ය වන වී ප්‍රමාණයේවටිනාකම රුපියල් 147,20ක් බවත්,

වී කෙටීම සදහා විදුලියට හා සේවක වැටුප් සදහා ආසන්න වශයෙන් රුපියල් 10ක මුදලක් හා ප්‍රවාහන ගාස්තු, පැටවුම් කුලී, ඇසුරුම් කරන බෑගය සඳහාත් යම් මුදලක් වැය වන බවත් ඔවුහු මේ අනුව නාඩු සහල් කිලෝවක මිල සියළු 170ක් හෝ ඊට වැඩි අගයක් ගත යුතු බවත්,

රුපියල් 92කට වී මිලදී ගෙනරය නඩු සහල් කිලෝවක් රුපියල් 140කට ලබාදීමට කටයුතු කළහොත් සම සහල් කිලෝවක් අලෙවි කිරීමේදී වීවලින් පමණක් රුපියල් 7.20ක පාඩුවක් දැරීමට සිදුවන බවත් එම පිරිස් සදහන් කරති.මීට අමතරව රජය රුපියල් 92කට වී මිලදී ගැනීමේදී ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් 02ක මුදලක් ගොවීන්ට ලබාදෙන බවත්, මීට අමතරව වී ගබඩාවල සිට මෝල් දක්වා වී ප්‍රවාහනය කිරීම සදහා යම් මුදලක් වැය වන බවත් ඔවුහු පෙන්වා දෙති.



රජය සතුව වී කෙටීම සදහා මෝල් නොමැති නිසා පෞද්ගලික මෝල් හරහා වී කෙටීමට රජයට සිදුවන බවත්, මේ සඳහාත් යම් මුදලක් වියදම් වන බවත් පවසා සිටි වී මෝල් හිමියෝ, ඇසුරුම සදහා රුපියල් 20කට ආසන්න මුදලක්ද වැය වන බවද සඳහන් කරති. මේ නිසා රුපියල් 140 සහල් ලබාදීමට කටයුතු කළහොත් රජයට සම සහල් කිලෝ එකකින් රුපියල් 30කට ආසන්න පාඩුවක් සිදුවන බවත්, එහෙත් පුද්ගලික අංශයට මෙම පාඩුව දරාගත නොහැකි බවත් ඔවුහු ප්‍රකාශ කරති. විශාල මිලකට වී මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කළේ, මාස් කන්නයේ පැවති පොහොර අර්බුදය නිසා වි ගොවිතැනට සිදු වූ පාඩුව ගොවීන්ට ලබාදීමට බවත්,



එහෙත් සිදුකළ යුතුව තිබුණේ වී මිල සාමාන්‍ය තත්වයක පවත්වාගෙන යමින් ගොවීන්ට වන්දි මුදලක් ලබාදීම බවත් එම පිරිස් පෙන්වා දෙති. එහෙත් ආණ්ඩුව සිදුකළ මෙම ක්‍රියාවෙන් මෝල් 700ක් පමණ වැසී ගිය බවත්, දැනට ක්‍රියාකාරිත්වයේ පවතින මෝල් සියයට රජයේ සහතික මිලට වී මිල ගෙන තිබෙන බවත් වී මෝල් හිමීයෝ. එහෙත් අඩු මුදලට සහල් ලබාදීමට සිදුවීම නිසා මෙම මෝල් සියයක් වැසී යාම වළක්වාගත නොහැකි බවද සදහන් කරති.


(ඉන්දික හේවාවිතාරණ)-