පසුගියදා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් විශාල ණය ආධාර මුදල් ලබාගෙන ලංකාවට පැමිණියේ කිසිම කොන්දේසියකට යටත් නොවී ඒවා ලබාගත් බව පවසමිනි. නමුත් ඊයේ අනාවරණය කෙරුනේ කැබිනට් මණ්ඩලය පවා දැනුවත් නොකර ඉන්දියාව සමගගිවිසුම් ගසාගෙන මෙම ණය මුදල් ලබාගත් බවයි.
මෙරට ආරක්ෂාවට, ධීවර කටයුතුවලට සහ ඩිජිටල් අනන්‍යතාවට අදාළව ඉන්දියාව සමග සුවිශේෂී ගිවිසුම් 03කට අත්සන් කර ඇති බවත් කැබිනට්ටුවට පසුව ඒවා ඉදිරිපත් කර අනුමැතිය ලබාදී ඇති බවත් වාර්තා විය.
මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීම යන ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් 03ක් වෙනුවෙනි. මේ අතුරින් පළමු ගිවිසුම් 02 ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 306ක(රුපියල් කෝටි 8721ක් පමණ) ප්‍රදානයක් ලබාදීමට ද නියමිතය.
ඒ අනුව සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා ඉන්දීයාවේ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. මේ අතර ඉන්දියාවේ මූල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනන්‍යතා රාමුව සකස්කිරීම ඔස්සේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවේදැයි ඊයේ (22 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු ලබාදුන් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ සඳහන් කරන ලද්දේ,
මෙහිදී ශ්‍රී ලාංකිකයන් පිළිබඳ කිසිදු පෞද්ගලික තොරතුරක් හෝ දත්තයක් ඉන්දියාවට ලබාදීමක් සිදු නොවන අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දියාවෙන් මූල්‍යාධාර ලැබීම පමණක් සිදුවන බවත්ය.
මිට අමතරව ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පේදුරුතුඩුව, පේසාලේ, ගුරුනගර්, බලපිටිය සහ වෙනත් අන්‍යෙන්‍ය වශයෙන් එකඟ වනු ලබන ස්ථානයන්හි ධීවර වරායන් සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජයේ ආධාර හිමිවනු ඇත.
මෙරට ගුවන් කලාපය ඉන්දියාවට විකුණා දැමීමටත් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ඇඟිලි සලකුණු ඉන්දියාවට ලබා දීමටත් අවශ්‍ය කැබිනට් පත්‍රිකා රජය සකස් කර තිබීම ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු විරෝධය පළ කළේය.
බදුල්ල ප්‍රදේශයේදී ඊයේ (22 වැනිදා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ ගිවිසුම් අතර සමුද්‍රීය මුදවා ගැනීම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වන ගිවිසුම හරහා මෙරට ආරක්ෂාව සම්බන්ධ සම්පූර්ණ අයිතිය ඉන්දියාව සතු වන බවය.
ගිවිසුමට අනුව එම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට සූදානම් වන්නේ මෙරට නාවික හමුදා මූලස්ථානයේ වන අතර එහි තවත් අනු ආයතනයක් හම්බන්තොට ස්ථාපිත කිරීමට සූදානමක් ඇති බව ද හෙතෙම කීවේය.
එමෙන්ම මෙරට ජනතාවගේ ජීව දත්ත ලබා ගැනීමේ අයිතිය ඉන්දියාවට ලබා දීම සඳහා වන ගිවිසුමකට ද අත්සන් කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති අතර ඩ්‍රෝන යානා සඳහා මෙරට ගුවන ඉන්දියාවට විකුණා දැමීම සඳහා වන ගිවිසුමකටද අත්සන් කර තිබේ යැයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඉතිහාසයේ පළමු වතාවට මෙරට අහස් සීමාව විදේශ රටකට විකුණ ඇති බවත්, ඒ අනුව මෙරට අහස් සීමාව ඩොලර් මිලියන 20කට ඉන්දියාවට විකුවා තිබෙන බවත් ඔහු පැවසිය. මෙරට ජනතාවගේ ජීව දත්ත, ඇඟිලි සලකුණු ඉන්දියාවට ලබාදීම පිළිබඳ කැබිනට් පත්‍රිකාද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයිද එය භයානක බවද ඔහු කිය.
"ඊයේ කැබිනට් එකට අපුරු කැබිනට් පත්‍රිකා හත අටක් නවා. මේකේ අපි මූලිකවම කියන්නේ ලංකාවේ ආරක්ක්ෂාවට යැයි මුවාවෙමින් ඉන්දියාවට ලංකාවේ අහසත් විකුණන අවසන් කියන එක. ලංකාවේ මහමුහුද. ගොඩබීම් චීනයට දුන්නා. වරායවල් ඉන්දියාවට දුන්නා. එල්.එන්.පී. ව්‍යාපෘති ඇමෙරිකාවට දුන්නා. දැන් අහසත් ඩොලර් මිලියන 20කට ඉන්දියාවට විකුණා තිබෙනවා.
මේ කැබිනට් පත්‍රිකා අපේ නීතිඥවරුන් කියවමින් පවතිනවා. අපේ අහස විකුණලා තිබෙන පළමුවෙනි අවස්ථාව මේක. මේකේ අපුරුම සිදුවීම තමයි ඉන්දියාවත් සමග කරන මේ ගනුදෙනුවේ. ඉන්දියාව සමග ගිවිසුම් 03ක් අත්සන් කරලා තිබෙනවා. එකක් ලංකාවේ මිනිස්සුන්ගේ ජීව දත්ත, ඇඟිලි සලකුණු ඉන්දියාවට ලබාගැනීමේ සමිපූර්ණ අයිතිය. ඒ වගේම භාරතී ඉලෙක්ට්‍රොනික් කියන ආයතනයට මේ වෙලාවේ භාරදීලා තිබෙන්නේ මේ ඩ්‍රෝන යානා යවන්න. මේකට අපි කියනවා සමුද්‍ර මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියලා.
මේකේ භයානකකම තිබෙන්නේ ලංකාව සම්බන්ධයෙන් සම්පුර්ණ ආරක්ෂාව ඉන්දියාව අතට විකුණලා අවසන්.
සමුද්‍ර මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යන්න හදන්නේ නාවික හමුදා මුලස්ථානයේ. වැඩ කරන විරුවා ලංකාව ආරක්ෂා කරන්න ඇවිත් නාවික හමුදාවත් ඉන්දියාවට විකුණා අවසන් කියන එක මේ අවස්ථාවේ කියන ඕන.
ඒවගේම ඩිජිටල් අයි.ඩී. කියන එක අපේ ආණ්ඩුව කාලයේ ගෙනාවේ ඉතාම විවෘත ටෙන්ඩර් පටිපාටියකින්. දැන් ප්‍රශ්නය තිබෙන්නේ ඇඟිලි සලකුණුත් ඉන්දියාවට දීලා, අහසත් ඉන්දියාවට දීලා. ඩ්‍රෝන යානාවලීන් අහසේ අපේ රට ගැන සම්පුර්ණයෙන් හොයන්නෙත් ඉන්දියාවට මොකක්ද සිදු වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්දියාවට යන්න ඉස්සෙල්ලා, තමයි නීතිපති දෙපාර්තමේන්තුව මේවාට අවසර දෙන්නේ, 21 වැනිදා කැබිනට් එකටත් යනවා” යනුවෙන් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval