The-son-who-killed-his-father-by-giving-a-contract-of-Rs.-50000-to-a-friend

මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේ තම පියා ඝාතනයට කිරීමට රු. 50,000ක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් පුත්‍රයා සහ එම කොන්ත්‍රාත්තුව ලබාගෙන අදාළ පුද්ගලයා ඝාතනය කළ සැකකරු යන දෙදෙනාම පෙරේදා (20) දා රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව

මඩකලපුව පොලීසිය පවසයි. මෙම 22 හැවිරිදි සැකකාර පුත්‍රයා කරදියනාරු, ඉරක්කුලම් කුඩාවට්ටි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 21 හැවිරිදි ඝාතකයා කිරාදේශයේ පදිංචිකරුවෙකි.පසුගිය 13වැනිදා කරදියනාරු, ඉරක්කුලම්, කුඩාවෙට්ට වාල්යාය ආරක්ෂාව සඳහා ඉදිකළ තිබූ පැලක් තුළ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ, සිවුදරු පියෙකු වන පරසුරාමන් ආරුමුගම් (අවු.54) නමැති ගොවි මහතෙකි.මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයා ගැහැනු දරුවන් තිදෙනෙකු හා 22 හැවිරිදි එක් පිරිමි දරුවෙකුගෙන් යුත් සිවුදරු පියෙකු බවත්, සැකකාර පුත්‍රයා මත්පැන්වලට ඇබ්බෙහි වීමෙන් පියාගේ මත්පැන් මිලදී ගැනීමට මුදල් ඉල්ලීම හා ඔහුගේ ගවපට්ටියේ ගවයන් සොරකම් කර විකිණීම නිසා පිය පුතු දෙදෙනා නිතර ගැටුම් ඇතිවී තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය විය. සැකකාර පුත්‍රයා තම පියාව ඝාතනය කිරීම සදහා රු. 50,000ක ලබාදීමේ පොරොන්දුව මත කොන්ත්‍රාත්තුවක් කිරාන් ප්‍රදේශයේ තම මිත්‍රයකුට ලබාදී තිබෙන බවත්,

ඉන් අනතුරුව ඝාතනය කිරීමට සැලසුම් කරපසුගිය 12වැනිදා රාත්‍රියේ මරණකරු කුඹුරු ආරක්ෂා කිරීම සදහා පැලට ගොස් තිබෙන බවත්, ඝාතනය කළ සැකකාර මියා එහි ගොස් දෙදෙනාම රාත්‍රී ආහාරගෙන සිට ඇති අතර, එහිදී මරණකරුට නින්ද ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුකර ඇති බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.මෙම ඝාතනයට යොදාගත් තියුණු අවිය හා ගලක් පොලිස් භාරයට ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකය හා කරදියනාරුපොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.