
ජෙලටින් හා කිරිපිටි මිල ඉහළ යාම නිසා හා ප්ලාස්ටික් කප් හා බෝතල් මිල ඉහළ යාම නිසා යෝගට් එකක මිල රුපියල් 20කින් හා යෝගට් පානය මිලිලීටර් 180 බෝතලයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට කටයුතු කරන බව යෝගට් හා යෝගට් පානය සකස් කරන පිරිස් සඳහන් කරති.
මේ අනුව රුපියල් 50කට අලෙවි කළ යෝගට් එකක් රුපියල් 70 දක්වාත් රුපියල් 55ට අලෙවි කළ යෝගට් එකක් රුපියල් 75 දක්වාත් ඉහළ යන බවද එම පිරිස් පෙන්වා දෙති. මීට අමතරව රුපියල් 60ට අලෙවි කළ මිලිලීටර් 180 යෝගට් පානය බෝතලයක් රුපියල් 90ක් දක්වා ඉහළ යන බවද ඔවුහු පවසා සිටිති.
රුපියල් 1,500ක මිලකට අලෙවි කළ ජෙලටින් කිලෝවක මිල රුපියල් 3,500 ඉක්මවා ගොස් තිබෙන බවත්, රුපියල් 2.80කට අලෙවි කළ හිස් යෝගට් කප් එකක මිල රුපියල් 10 දක්වාත් රුපියල් 06කට අලෙවි කළ හිස් ප්ලාස්ටික් බෝතලයක් රුපියල් 20 දක්වාත්,
රුපියල් 1,345කට අලෙවි. කළ කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් ඉහළ ගොස් තිබෙන බවත් එම පීරිස් පෙන්වා දෙති. යෝගට් හා යෝගට් පානය සකස් කර ශීතකරණවල ගබඩා කර බෙදාහැරීම සිදුකළ යුතු බවත්, එහෙත් දිනකට පැය කිහිපයක් විදුලි කප්පාදු කිරීම නිසා ශීතකරණ සඳහා අවශ්‍ය විදුලිය ලබාගැනීම සඳහා ඩීසල් සඳහා විශාල වියදමක් දැරීමට සිදුව තිබෙන බවත් යෝගට් හා යෝගට් පානය සකස් කරන පිරිස් සඳහන් කරති.
පවතින විදුලි කප්පාදුව නිසා ග්‍රාමීයව නිෂ්ඵල සිදුකළ යෝගට් සකස් කිරීමේ කටයුතු අතහැර දැමීමට විශාල පිරිසක් කටයුතු කර තිබෙන අතර, මේ නිසා විශාල පිරිසකට රැකියා අහිමි වී තිබේ. ග්‍රාමීය වශයෙන් යෝගට් කර්මාන්තයේ නිරත පිරිස භාවිත කර තිබෙන්නේ දේශීය කිරි වේ.පවතින කප් හිඟය හා මිල ඉහළ යාම නිසා වටලප්පම් හා කිරි ආශ්‍රිත වෙනත් නිෂ්පාදන කටයුතු සිදුකළ පිරිස්ද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval