Surrounded-by-a-brothel-where-she-lived-with-her-husband-and-ran-a-lodge

නීතියේ රැහැනට හසු නොවන පරිදි ඉතා සුක්ෂම අයුරින් තඹුත්තේගම පොලිස් වසමේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් පස්දෙනකු සමග එය පවත්වා ගෙන ගිය විශ්‍රාමික පොලිස් නිලධාරියා පෙරේදා (15 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව

අනුරාධපුර කොට්ඨාය අපරාධ විමර්ෂන කාර්යාංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, රාජාංගනය, ගල්ගමුව සහ නොච්චියාගම යන ප්‍රදේශවල සිට පැමිණ ගණිකා වෘත්තියේ නිරත වූ වයස අවුරුදු 25ත් 45ත් අතර වියේ පසු වන කාන්තාවන් පස්දෙනෙකු සහ වයස අවුරුදු 52ක් වන ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය ප්‍රධාන සැකකරු බව පොලීසිය පවසයි.
පොලිසියට හසු නොවන පරිදි මෙහි සේවය සැපයූ කාන්තාවන් දෙදෙනෙකු තම නීත්‍යනුකූල සැමියන් දෙදෙනා සමග ගණිකා
සේවයට පැමිණෙන බවත්, සැමියන් නොමැති කාත්තාවන් තිදෙනා වෙනත් පිරිමින් තිදෙනකු සමග මෙම වෘත්තියේ නිරත වීමට පැමිණ හැඳුනුම්පත් ලබා දී කාමරවලට වී සිටින බවත්, මම කාන්තාවන් මිලදී ගැනීමට ගැණුම්කරුවෙකු පැමිණි විට එම

නීත්‍යානුකූල සැමියන් සහ අනියම් පුරුෂයන් එම ස්ථානයෙන් ඉවත්ව සිටින බවත් පොලීසිය සඳහන් කළේය.


මෙම ලැගුම්හල් පොත්වල සටහන් කර තිබෙන ආකාරයට නීත්‍යනුකූල සැමියා සහ විවාහ වී සිටින පිරිමියා සමග මෙම කාන්තාවන් කාමරවල ලැගුම් ගෙන සිටීම  හේතූවෙන් ඉතා සුක්ෂම ලෙස පොලිස් උපාය දුතයෙකු යොදවා කාන්තාවක් මිලට ගැනීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු සහ ගණිකා වෘත්තීයේ. නිරත වූ කාන්තාවන් පස් දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. කාන්තාවන් මිලදී ගැනීම සඳහා පැමිණෙන ගැනුම්කරුවන් සඳහා ප්‍රධාන සැකකරු විසින් කාන්තාවන් පස් දෙනාම පෙන්වනු ලබන අතර වයස 25- 30 සීමාවන් වල කාන්තාවන් රුපියල් 8000 ක මුදලකටත් 30 ට වැඩි කාන්තාවන් 4000 ක මුදලකටත් අලෙවි කරන බවත් එක් වාරයක දී රුපියල් 2000 ක මුදලක් මෙම ජාවාරම කර ගෙන යනු ලබන ප්‍රධාන සැකකාර විශ්‍රාමික පොලිස් ම නිලධාරියා ලබා ගන්නා බවත් සිදු කළ ප්‍රශ්නවල දී අනාවරණය වූ බව පොලිසිය කියයි.


කාලයක සිට කර ගෙන ආ මෙම ජාවාරමෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු වන විශ්‍රාමික පොලිස් නිලධාරියා එක් දිනකට පනස් දහසකට වැඩි මුදලක් උපයාගෙන ඇති බව ද පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් කාන්තාවෝ පස්දෙනා සහ එය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ඊයේ (16දා) තඹුත්තේගම මහේස්ත්‍රාත් වෙත යොමු කරන ලදි.