පක්ෂ එකොළහක නායකයන් සහභාගි වී පසුගියදා කථාබහක් ඇති කළ ‘මුළු රටම හරි මගට’ යන රැස්වීමේ දෙවැන්න ඊයේ (16) කොළඹදී පැවැත්වූ අතර එම මාධ්‍ය හමුවට ශ්‍රීලනිප ඇතුළු හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයෝ පැමිණ නොසිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය සහ යුතුකම ජාතික සංවිධානය මෙම පක්ෂ 11වේ. නමුත් ඊයේ මාධ්‍ය හමුවට ශ්‍රිලනිපය ඇතුළු පක්ෂ කීපයක සාමාජිකයෝ සහභාගි නොවූහ.
මෙම මුල් රැස්වීමෙන් පසුව මෛත්‍රී-ජනපති හමුවක් පැවති බවත් ඉන් පසු ශ්‍රීලනිප ස්තාවරය වෙනස්වෙමින් පවතින බවත් අදහස් පළවෙමින් පවතී.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අතර තියෙන්නෙ විශේෂ සම්බන්ධතාවක්. ඔවුන් අපේ සමූහය තුළ එකට ඉන්නෙත් නැහැ. නමුත් සමූහය එක්ක යම් යම් අවස්ථාවල සම්බන්ධතාව පවත්වනවා. ඔවුන් පක්ෂ එකොළහ එක්ක ඉන්න බව පැහැදිලිව කියලා තියෙනවා.‘
Comments
Post a Comment
Your comment will be visible after approval