Spitting-on-the-ball-after-the-corona-is-strictly-prohibited

කොරෝනාවෙන් ලෝකයාට ඇතිවූ බලපෑම වඩාත් ස්ථාවර මට්ටමකට ගෙන එමින් ක්‍රිකට් තරගකදී පන්දුව ඔපදැම්ම සඳහා ඛේටය භාවිතා  කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කරනු ලැබ ඇත. සෞඛ්‍ය හේතුන් සම්බන්ධයෙන් එම තීරණය ගැනීමට  ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදකයන්  වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය තීරණය කර තිබේ.  අනෙක් අතට, අතිරේක  වාසියක් ලබාගැනීමේ අරමුණ  ඇතිව, පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා ඉදිරියට දිවගියහොත්, එවන් අවස්ථාවකදී පන්දු යවන්නා විසින් පිතිකරුවා  දවාගනු ලැබීම තවදුරටත් "අසාධාරණ" ක්‍රියාවක් ලෙසින්  නොසැලකේ.

මෙම සංශෝධිත නීති මේ වසරේ ඔක්තෝබර් 1 වැනිද සිට බලාත්මක වේ.

පසුගිය සතියේ පැවැති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී මෙම නව නීති අනුමත වී ඇත.  2022 සංශෝධිත කාණ්ඩය ඊයේ (බදාදා) ප්‍රකාශයට පත්කර ලදි. වසර 2017 දී සංශෝධිත නීතිපති විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල වෙනසක් ඇතිකරන ලද අතර නවතම සංශෝධන වලින්ද එම තත්වයම ඇතිකරනු ඇතැයි නීති සම්පාදකයෝ කියති.  2017 ක්‍රිකට් නීති සංග්‍රහය ප්‍රකාශයට පත්කිරීමේ සිට ක්‍රීඩාව විවිධ ආකාරවලින් වෙනස් වී ඇත.

2019 දී ප්‍රකාශයට පත් කරන ලද එම සංග්‍රහයේ 2 වන සංස්කරණය බොහෝ දුරට පැහැදිලි කිරීම් සහ සුළු සංශෝධන තිබුණි. නමුත් 2022 සංග්‍රහය අපි ක්‍රිකට් ගැන කතා කරන ආකාරයේ සිට එය ක්‍රීඩා කරන ආකාරය දක්වා තරමක් විශාල වෙනස්කම් සිදු කරනවා” යැයි

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ නීති කළමනාකරුවන් ෆ්‍රේසර් ස්ටුවර්ට් මහතා පැවසීය. ලොව පුරා සිටින තරග නිලධාරීන්ට නව සංග්‍රහය යටතේ ඉගෙනීමට අවස්ථාව ලබා දෙමින් ක්‍රීඩාව සඳහා සමාජයේ ගෝලීය කැපවීමේ කොටසක් ලෙස අපි මෙම වෙනස්කම් දැන් ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා" යයිද ෆ්‍රේසර් ස්ටුවර්ට් මහතා පැවසීය.-