පසුගියදා වැලිපැන්න නගරයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ගුරුවරියක කැබ් රථයක හැපීමෙන් අවාසනාවන්ත මරණයක් වාර්තා විය. මෙම අනතුර සිදු කිරීමෙන් අනතුරුව වාහනය පළා ගිය අතර පසුව පොලිසිය සීසීටීවී මාර්ගයෙන් පරීක්ෂා කර රියදුරු අත්අඩංගුවට ගන්නා ලදි.
ඊට පෙර අනතුර සිදු කළ බවට කෙනෙකු භාරවූ නමුත් සත්‍ය ලෙසම අනතුර සිදු කරඇත්තේ වෙනත් පුද්ගලයෙකු බවත් අනතුර කළ රියදුරු , රියදුරු - බලපතක් නොමැති අයෙකුවීම නිසා වෙනත් අයෙකු ඉදිරිපත් කළ බවත් පැවසේ.
මෙම රියදුරුගේ නුපුහුණු රථ ධාවනය නිසා නිරපරාදේ උපාධිධාරි ගුරුවරියක දැයට අහිමි විය.
කල්මාලි උදේශිකා නමැති 30 හැවිරිදි ගුරුවරිය මෙම අනතුට ජීවිතයෙන් වන්දි ගෙවුවාය.
රියැදුරු හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවත් ඔහු ඉදිකිරීම් ආයතනයක සේවය කරන පෙදරේරුවකු (37) බවත් පොලිසිය කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval