නවීකරණය කෙරුණු ගාල්ල ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (17) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණ.
ගාල්ල ඓතිහාසික කොටු පවුර අබියස පිහිටා ඇති දෙස්විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් “ධර්මපාල උද්‍යානය” නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නවීකරණය විය.
අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක්, ආලෝකකරණ පහසුකම් සහිත එළිමහන් රංග ශාලාවක් ඇතුළුව උද්‍යානය නවීකරණයට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 200කි. ධර්මපාල උද්‍යානයේ එක් කෙළවරක ඉදි කර ඇති විසිතුරු මත්ස්‍ය මැදුර හා තොරතුරු මධ්‍යස්ථානය ද ඊයේ විවෘත විය.
Comments
Post a Comment
Your comment will be visible after approval