fuel-issue

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.


අයිඕසී මෙන්ම සිපෙට්කෝ පිරවුම් හාල් ජාලා ද්විත්වයේම මෙම තත්වය දක්නට ලැබිණි.


මේ හේතුවෙන් බොහෝ පිරිස් අපහසුතාවයන්ට ලක්ව ඇති අතර ඉන්ධන සොයමින් පිරවුම් හල් සොයමින් යන්නට සිදුවන තත්වයක් උදාවී ඇත.
කෙසේ වෙතත්  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවයි.
 අමාත්‍යවරයා කියාසිටියේ ඉන්ධන මිල ඉහළ දමනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන තොග නිකුත් නොකර තිබීම මෙම අඩුවට බලපා ඇති බවත් මීට පෙරත් එවැනි තත්ව මතුව පසුව දින දෙක තුනකින් සමනය වූ බවයි.