2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව
පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් මතුකළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙයි.කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් එම නියෝගය ලබාදී තිබෙයි.
ඒ අනුව ජුනි මස 17 වනදා විත්තිකරුට අධිකරණය හමුවේ චෝදනා කියවා දී නඩු විභාගය ආරම්භ කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.
එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කෙරුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval