රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තුරු සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද මාධ්‍ය හමුවක් කැඳවා පවසා ඇත.
අරුන්දික මහතා කටයුතු කරන ලද්දේ පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.-
Comments
Post a Comment
Your comment will be visible after approval