ගම්පොළ, නිල්ලඹ කාර්යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවියක අතුරුදන්වීම පිළිබද පරික්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේ පදිංචි යෝගරාජා කලේවානි නමැත්තියක සිය පුංචි අම්මාගේ නිවසේ සිටියදී මෙසේ අතුරුදන්වීමට ලක්ව ඇතැයි පොලීසිය පවසයි. දැරියගේ පියා මහනුවර පොදු වෙළද පොළේ සේවය කරන අතර මව ඇගේ දෙමාපියන්ගේ නිවසට ගොස් තිබේ. මේ නිසා ඔවුන්ගේ දරුවන් තිදෙනා ඒ අසල පදිංචි දැරියගේ පියාගේ සොයුරියගේ නිවසේ කාලය ගත කර තිබේ.
පුංචි අම්මාගේ දරුවන් දෙදෙනා හා මෙම දරුවන් තිදෙනා සෙල්ලම් කරමින් සිටියදී පුංචි අම්මා මෙම දැරියට පාඩම් කරන ලෙස අවවාද කර ඇති බවද හෙළිවී තිබේ.පසුව පෙරේදා (07දා) සවස රූපවාහිනිය නරඹමින් සිටියදී මෙම දැරිය නොමැති බව දැක ඇය සෙවීම ආරම්භ කර තිබේ.
ගම්වාසීන් එකතු වී අවට නිවාසවල හා ප්‍රදේශයේ කැලෑ රොදවලද ඇය සෙවූ මුත් ඇය හමු වී නොමැති නිසා මේ පිළිබද පුංචි අම්මා වන පී.නාගේෂ්වරී යන අය සිද්ධිය පිළිබද ගලහ පොලීසියට පැමිණිලි කර ඇත. අනතුරුව පොලීසිය වහාම ක්‍රියාත්මක වී පොලිස් නිල සුනඛයක්ද යොදා ගනිමින් ඇය සෙවූ මුත් ඊයේ (08දා) වන තුරුම දැරිය සොයා ගැනීමට නොහැකි වී තිබේ.
නිල සුනඛයන් ඇගේ ඇඳුම් ඉවකර ගම්මානයේ සිට ප්‍රධාන මාර්ග දක්වා පැමිණ නතර වීම නිසා පරික්ෂණ වෙනත් මගකට යොමු කර ඇත. ගලහ පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval