ලක්ෂ 190ක පමණ වටිනා ගජා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් තැපැල් ඔස්සේ ඒවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාර්න් විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය,
කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ ප්‍රදේශයේ තැපැල් ලිපින 05ක් වෙත කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඒවා තිබූ සැකකටයුතු පාර්සල් ලිපි 05ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී විසින් විවෘත කර පක්ෂ කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. පාසල් ලිපි තුළ කුෂ් නමැති ගංජා කිලෝග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් සොයාගෙන ඇති බව ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් වෙත භාර දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval