හිටපු ජවිපෙ නායක රෝහණ විජේවීරගේ පුතු උවිඳු විජේවීර දෙවන පරපුර නමැති දේශපාලන සංවිධානය මෙහෙයවයි. ඔහු පසුගියදා කුරුණෑගලදී පැවැත්වූ මාධ්‍ය අදහස් දැක්වීමකදී මෙසේ කියා සිටියේය.
‘අපි දන්නව මේ මොහොතෙ රට ගත්තම සම්පත් සියල්ල විකිණිලා.සම්පත් සියල්ල අපට අහිමිවෙලා තියනවා. තෙල් අර්බුදය, ගෑස් හිඟය ආහාර හිඟය මේ ඇවිල්ල තියන ආර්ථික අර්බුදය ඇතුලෙ මේ සිද්ධ වෙලා තියෙන්නෙ ආකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය බව හඳුනගන්න ලැබෙනවා. ලෝකෙන් ණය අරගෙන ලෝකෙටම ණය ආපසු ගෙව්වට රට සංවර්ධනය වෙන්නෙ නැහැ.
රට ඇතුළෙ මුදල් උත්පාදනය වෙන්න ඕන. රටට විදේශ විනිමය ගලා එන්න ඕන. කාර්මික නිෂ්පාදන එහෙමත් නැත්නම් සේවා ආර්ථිකයක් කෘෂි ආර්ථිකයක් හරහා මේ රටට මුදල් ගෙනල්ලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා විනා ලෝකෙන් අපි ණය අරගෙන ලෝකෙට අපි ණය ටික ගෙව්වට රටේ ආර්ථිකය ගොඩ යන්නෙ නැහැ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval