port-city-cluster-risk-covid

කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවේ අධික නරඹන්නන් පිරිසක් එක ගොඩේ ගැවසීම නිසා "වරාය නගර පොකුරක්" මතුවීමේ තර්ජනයක් මතුවෙමින් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා විය.


මෙම අධික සෙනග රොක්වීම පාලනය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වී තිබේ.
පසුගිය සතියේ උත්සවාකාරව විවෘත කරන්නට යෙදුණ  Colombo Port City Marina Promenade වෙත මහජනයාට පැමිණීමට ආරාධනා කෙරුණ අතර ඒගැන ඉහළ ප්‍රසිද්ධියක්ද මාධ්‍ය මගින් සිදු කරනු ලැබීය අනතුරුව දිවයිනේ නන්දෙසින් ඒ වෙත විශාල ජනකායක් පැමිණෙමින් සිටින බැවින් කොරෝනා පොකුරක් මතුවීම පිළිබඳ බියක් මතුව තිබේ.
මූලාශ්‍රවලට අනුව, Omicron Covid ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඉහළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර, කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවට සෙනඟ එක්රැස්වීම ආසාදන සංඛ්‍යාව වැඩිවීමේ අවදානමක් පැවතිය හැකිය.
මහජනතාවගේ හැසිරීම නව කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමේ තර්ජනයක් බව සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවූහ.
බොහෝ විට සමාජ දුරස්ථභාවයකින් තොරව පසුගිය දින කිහිපය තුළ මහජනතාව සක්මන් මළුවට ඇතුළු වීමට ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටි බව කියැවේ.
පරිශ්‍රය තුළ පවා සමාජ දුරස්ථභාවය පවත්වා නොතිබුණි. දිගු සති අන්තයේ සක්මන් මළුවට ඇතුළු වූ විශාල ජනකායක් අතර සිටි කිහිප දෙනෙක් මුහුණු ආවරණ පැළඳ නොසිටි බවද වාර්තා විය.