
දෛනික කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්ගත වන ආසාදිතයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු මේ වන විට වෙනත් රෝගීන් සඳහා ලබා දී ඇති බැවින් රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.
“මේ වාර්තා වන සංඛ්‍යාවේ වැඩිවීම නිසා ම මේ වෙද්දි රෝහල් පිරී ඉතිරිලා ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරක මධ්‍යස්ථාන බොහෝමයක ඉඩ මේ වෙද්දි අවසන් වෙමින් යනවා. තිබුණු බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් මේ වෙද්දි ආපහු භාරදීලා. මේ වෙද්දි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ සම්පූර්ණයෙන්ම පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. මේ රෝගීන්ගේ වාර්තා වීම ඉදිරියේ දී සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තරම් වෙනබවට පෙර මඟ ලකුණු පහල වෙලා තියෙනවා. රෝගීන් සංඛ්‍යාව අසීමිතව ඉහළ ගියෝත් මරණ සංඛ්‍යාවත් ඉදිරියේ දී ඉහළ යා හැකියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval