sudatta-thilakasiri-speaks

යූටියුබ් සමාජ ක්‍රියාකාරික හා රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතාගෙන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15 දා) පැය 4 ක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත්තේය.


දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව පෙරේදා පෙරවරු 10.00 ට එහි ගිය සුදත්ත නැවත පැමිණියේ පස්වරු 2.00 ට පමණය.



එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා මෙසේ කීය.
‘‘මට විරුද්ධව පෙත්සමක් ඇවිත් තියෙනවා. රටට හිතැති කලාකරුවෝ කියලා. කාටහරි වුවමනා කරලා තියෙන් මගේ කට වහන්න. මේ රටේ මිනිසුන්ව කුපිත කරවන්න, ප‍්‍රභූවරුන්ට ගහන්න ඔය වගේ දේවල් තියෙනවා කියලා කිව්වා. අපි බලාපොරොත්තුවුණු ඒ දේශය අපට ලැබුණේ නැහැ. අපිව නිහඬ කරවන්න බැහැ
මේ ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගිහිල්ලා ගැස්ට‍්‍රයිටිස් හදාගෙන කන්න නැතුව අතින් වියදම් කරගෙන ගියා. ඒකට මේ දීපු තෑග්ගට බොහොම ස්තුතියි. මගේ ගෙල සිදලා දැම්මත් මගේ වැඩේ නතර කරන්නේ නැහැ.“