අම්පාර ප්‍රෙද්ශයේ  දමන එක්ගල්ඔය ප්‍රදේශයේදි සිදුවූ අනතුරක් නිසා  තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 5 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.


ටිපර් රථයක මොටර් රථයක් මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදු විය. ටිපර් රථය දමන සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනය වි ඇති අවස්ථාවක
කාර් රථය සියඹලාණ්ඩුවේ සිට සයින්දමරුදු දෙසට ධාවනය වි තිබේ.
කාර් එකේ රියදුරු ගමන් කළ කොටස සෘජුවම ටිපර් රථයේ ගැටී ඇති අතර ඉදිරිපස ගමන් කළ අය මරණයට පත්ව ඇත.



අනතුරින් පසුව අවට පිරිස් එක්වි තුවාල කරුවන් රෝහල් වලට යොමු කරන්නට කටයුතු කෙරිණි.
වාහනයේ ඉදිරිපස දැඩි ලෙස අලාබහානියට පත්වූ නිසා මළසිරුරු ඉවත් කිරීමට අපහසුවූ බවද දන්වා තිබේ.
දමන රෝහලට හා අම්පාර මහ රෝහලට තුවාල කරුවන් ඇතුලත් කර ඇත. අනතුරින් වාහනයේ ගිය තිදෙනෙකු මරු දුටු අතර 5 දෙනෙකු තුවාල ලබා ඇත. මියගිය අය සමීප ඥාතීන් බවද වාර්තා විය.
ටිපර් රථයේ ගමන් කළ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.