seelaratana-thera

කිසිදු දැනුම්දීමකින් තොරව තිස්සමහාරාම කාවන්තිස්සපුර පිහිටි ධම්මවිචය විහාරයේ ජල සම්බන්ධතාව විසන්ධි කළ බව කියමින් විහාරාධිපති ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් සිවුරු වලට ගිනි අවුළමින් ඊයේ විරෝධතාවක නිරතවූහ.


තමන් ජල බිලෙන් කොටසක් ගෙවා තිබියදීඑය කපාදැමීම අසාධාරණ බව උන් වහන්සේගේ මතය විය.

ජල සම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකරු කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාව පවත්වනු ලැබූහ.

 මේ හේතුවෙන් තමන් වහන්සේගේ එදිනෙදා කටයුතු මෙන්ම සිවුරු පවා සෝදා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව පවසන  උන්වහන්සේ එසේ කියමින් සිවුරු ජලසම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකරු කාර්යාලය ඉදිරිපිටදී ගිනි තැබූහ. 

ජලසම්පාදන මණ්ඩලයේ උසස්  නිලධාරීයෙකු කියා සිටියේ, ඊයේ (18)දා සවස් වනවිට ජල සම්බන්ධතාව ලබාදෙන බවට උන්වහන්සේට පොරොන්දු වූ බවයි.