කැරට් 555,55ක වටිනාකමක් ගන්නා කළු දියමන්තියක් මේ දිනවල ඩුබායිහිදී සංවිධානය වී ඇති Sotheby's වෙන්දේසි මන්දිරයේ ඉසව්වක් වෙත ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි. මෙය The Enigma ලෙසින් නම් කර තිබේ. දැනට ඇති තොරතුරුවලට අනුව මෙම දියමන්තිය පිටස්තර ග්‍රහලොවක සිට පෘථිවිය වෙත පතිත වූවක් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම දියමන්තිය ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් කෙරු ඊයේ (18දා) දිනයේදීය.
ඒ අනුව බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය සහ අවධානය ඒ වෙත යොමුවිය. මෙම දියමන්තිය ලබන මාසයේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන වෙන්දේසියක් සඳහා ඉදිරිපත් වීමට නියමීතව ඇති අතර, ඊට පෙර එය මෙලෙස ඩුබායි සහ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර තුළදී ප්‍රදර්ශනය කිරීම සැලසුම වී තිබේ.
මෙහිදී එම දියමක්තිය අවම වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 6.8කට අලවි වනු ඇතැයි බලාපොරොත්තුව වී තිබේ. එහිදී ක්‍රිප්ටෝ මුදල් ඒකක ද ඇතුළුව ගෙවීමට පහසු ඕනෑම ක්‍රමයකින් ඊට මුදල් ගෙවිය හැකි ඛව Sotheby's වෙන්දේසි මන්දිරය පවසයි.මෙම දියමන්තිය මුහුණත් 55ක් වන ආකාරයට ඔපමට්ටම් කර තිබෙන අතර, එය මැදපෙරදිග ඛම්සා නම් සංකේතය අනුව නිර්මාණය කළ හැඩයක් බවත් ඩුබායිහි පිහිටි Sotheby's ආයතනයේ කාර්යාලයේ නියෝජිතවරියක වන සොෆී ස්ටීවන් පවසයි.
අරාබි භාෂාවෙන් ඛම්සා යනු අංක පහ යන්නයි. එසේම මෙම දියමත්තිය බොහෝදුරට පිටස්තර ග්‍රහලෝකයකින් පෘථිවිය වෙත පැමිණෙන්නට ඇතැයි යන්න විශ්වාසය වන බවත් ඇයගේ අදහස වී තිබේ.මේ විදියට කාර්බොනාඩෝ නමින් හැදින්වෙන කළු දියමන්ත්‍රි බිම්වන්නේ පාරභෞම ප්‍රභවයකින් යැයි කියන විශ්වාසය අප සතුව තිබෙනවා. ඇතැම් විට ග්‍රාහක පාථිවිය හා ගැටීමෙන් හෝ වෙනත් රසායනික ක්‍රියාවලියක් නිසා හෝ එසේත් නැත්නම් මෙය අභ්‍යවකාශයේ සිට පැමිණි ග්‍රාහකයක් වෙන්නත් පුළුවන්." ඇය වැඩිදුරටත්ව පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval