පසුගිය මැයි මාසයේ සිට ජාතික රූපවාහිනියේ සභාපති පදවියේ කටයුතු කළ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තනතුරින් ඉවත්වී ගිය බව වාර්තා වෙයි.
ඉකුත් දින කිහිපයේ රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනියට පැමිණ තිබුනේ නැති අතර අද දිනයේ පැමිණ ඇති ඔහු සිය කාර්ය මණ්ඩලය හා සේවකයන් අමතා තමන් තනතුරින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
රූපවාහිනී සංස්ථාවේ ආදායම සම්බන්ධ විශාල ගැටලුමතුවී තිබී පසුගිය ඔක්තෝබර් මාසයේ සේවකයන් හට වැටුප් ගෙවීම් ප්‍රමාදවීම නිසා ගැටලුකාරී තත්වයන්ද මතුව තිබුණි. ඒ හේතුවෙන් වරක් එහි සේවකයන් සභාපති - රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ කාර්යාලය වටලා ප්‍රශ්න විමසූ බවද මාධ්‍ය වාර්තා වල සඳහන් විය.
වැටුප් ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හා මහා භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල් ඒ දක්වා ලබානොදීම හේතුවෙන් ඇතිවූ වැටුප් අර්බුදය හමුවේ එවක සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් වරයාද සේවයට වාර්තා නොකොට සැගවී සිටි බවට වාර්තා පළ විය.
අද දින රෙජිනෝල්ඩ් කුරේ මහතා සභාපති ධූරයෙන් ඉවත්වූ හේතුව සඳහන් නොවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval