dengue-borella-ridgway

ඩෙංගු  වැළඳුණු  දරුවන්ගේ  සීඝ‍්‍ර  වැඩිවීමක්  මතුව ඇති බවත්, දැනටමත් බොරැල්ල ළමා රෝහලේ ඩෙංගු වැළඳුණු  දරුවන්  60  දෙනෙකු  වාට්ටු  හයක  ප‍්‍රතිකාර  ලබන  බවත්  එම  රෝහලේ  ළමා  රෝග  විශේෂඥ  වෛද්‍ය  දීපාල්  පෙරේරා මහතා පවසා තිබේ.




‘කොවිඩ්  ගැන  විතරක්  හිත  හිතා  ඉන්න  මේ  වෙලාවේ  ඩෙංගු  ගැන  විශේයෙන්  අවධානය  යොමු  කරන්න.  ඩෙංගු  වැළඳුණු දරුවන්ගේ වර්ධනයක් මේ දින කීපයේම දකිනවා. දරුවෙකුට දින 3 කට වඩා උණ තියෙනවා නම් පූර්ණ රුධිර පරීක්‍ෂණයක්  සිදුකිරීම  ඉතා  වැදගත්.  මේ  දවස්වල  දරුවෝ  පාසල්   යනවා.   මේ   නිසා   නිතර   තමන්ගේ   පාසලේ   පන්ති කාමරය අවට පරිසරය වගේම නිවස හා වත්තපිටිය සුද්ද  පවිත‍්‍රව  තබා  ගන්න  කටයුතු  කරන්න.  ඩෙංගු  බෝවිය  හැකි  වැහිපීලි  නිතර  පිරිසිදු  කරන්න.  පවතින  තත්ත්වය  හමුවේ  තමන්ගේ  දරුවන්  ගැන  අවධානය  යොමුකරන්න.  කොළඹින්  විතරක්  නොවෙයි  ලංකාව  හතරවටින්ම  ඩෙංගු  වැළඳුණු දරුවෝ ළමා රෝහලට ප‍්‍රතිකාර සඳහා එනවා‘

විශේෂඥ  වෛද්‍ය  දීපාල්  පෙරේරා මහතා පැවසීය.