පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇති කරමින් අබිරහස් ලෙස අතුරුදන් ව සිටි කොටදෙණියාව, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පිරිමි දරුවන් දෙදෙනා අද දින හමුවූ බව පොලිාසිය සඳහන් කරයි.
දින 44කට පසු මෙලෙස ඔවුන් සොයවාගෙන ඇත්තේ මීරිගම ප්‍රදේශයේ වෙළෙඳසලකට පැමිණි අවස්ථාවේදී එහි හිමිකරු විසින් ඇතිවූ සැකයට ප්‍රශ්න කිරීමේදීය.
මීරිගම පොලිසිය සඳහන් කළේ, එම ළමුන් දෙදෙනා ආහාර මිල දී ගැනීම සඳහා වෙළෙඳ සැලට පැමිණි අවස්ථාවේ වෙළෙඳසල් හිමියාගේ සැකයට ලක්වීමෙන් පසු පොලිසියටම ගෙනවිත් භාරදුන් බවයි. මීරිගම පොලිසිය ඡායාරූප ලබාගෙන කොටදෙණියාව පොලිසිය සමග ගැළපීමෙන් ඔවුන් අතුරුදන් දෙන්නා බවට මසැකහැරගෙන තිබේ.
කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දින 44 ක් තිස්සේ සිටියේ කොහේද කුමක් කළේද යන්න ගැන තවම මාධ්‍ය වෙත කරුණු අනාවරණය කර නැත.
මේ වන විට එම දරුවන්ගේ දෙමව්පියන් මීරිගම පොලිසිය වෙත පැමිණ ඇති බවත් දරුවන් භාරදීම පරීක්ෂණ කිරීමෙන් පසු සිදුවනු ඇතැයිද දැනගන්නට ඇත.
දිසානායක මුදියාන්සේලාගේ කවීෂ සඳකැළුම් නැමැති වයස අවුරුදු 10ක දරුවෙක් සහ ජයසේකර මුදලිගේ අකිල දේදුණු නැමැති වයස අවුරුදු 12ක් වන පිරිමි ළමයකු මෙසේ අතුරුදන්ව සිට හමුවිය.
පසුගිය නොවැම්බර් 23 වන දා එම දරුවන් දෙදෙනා ආගිය අතක් නොමැති බවට කොටදෙණියාව පොලිසියට
ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval