priyantha-kumara-asanka-fernando
පසුගිය මාසයේදී පාකිස්තානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද කර්මාන්තශාලා පරිශ්‍රයේ නව ඡායාරූප හා වීඩියෝ පට එරට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.


ඡායාරූපයක දැක්වෙන්නේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර ප්‍රියන්ත කුමාර, කම්කරුවන් දෙදෙනෙකු තමා සමීපයේ සිටගෙන සිටින අවස්ථාවක බිත්තියක අලවා ඇති ස්ටිකරයක් ඉරා දමන ආකාරයයි.
එම ක්ලිප් ලබාගෙන ඇත්තේ කර්මාන්ත ශාලාවේ සවිකර තිබූ සීසීටීවී කැමරාවලිනි. තවත් එක් වීඩියෝවක දැක්වෙන්නේ කුමාර කම්හලේ වහලය මත සිටින බේරීමට උත්සාහ කරන ආකාරයයි.

කම්කරුවෙකු වහලයේ සැඟවී සිටිනු ද දැක ගත හැකිය. තවත් ක්ලිප් එකක දැක්වෙන්නේ වියරු වැටුණු මැර පිරිස ප්‍රියන්ත කුමාරට වහලය මතින් පහර දෙන ආකාරයයි.
වාර්තාවන ආකාරයට ස්ථාන තුනක සීසීටීවී දර්ශන අතුරුදහන් කර ඇත.

මේ අතර පාකිස්තානු මාධ්‍ය වාර්තා කරන්නේ කම්හලේ ප්‍රියන්ත කුමාර කටයුතු කළ තනතුරට ශ්‍රී ලාංකික සිංහල ජාතිකයෙකු පත්කර ඇති බවයි.


ඔහුගේ නම අසංක ප්‍රනාන්දු ලෙසද සඳහන්ය.

සීසීටීවී දර්ශන ඇතුළත් වීඩියෝව පහතින්