ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා පැමිණි බ්‍රිතාන්‍ය රූමතියකට මීගමුවේ සංචාරක පුරයේදී ලිංගික අතවර කිරිමේ චෝදනා පිළිගත් තරුණයෙක් දැඩි කොන්දේසි සහ රුපියල් ලක්ෂ දහයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය විසින් මුදාහරිනු ලැබීය. වරද පිළිගෙන ඇප නියම වූ සැකකරු වූයේ මීගමුව ඒත්තුකාල පදිංචි සේරසිංහ ආරච්චිලාගේ සඳරු තෙමාසා අප්පුහාමි (18) නමැත්තෙකි.
අතවරයට ලක්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික තරුණියකි. ඇය සිරි නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මීගමුව සංචාරකපුරයේ හෝටලයක රැඳී සිටියදී මෙම අතවරයට මුහුණපා ඇත.මීගමුව පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක සකිහා හසිම් මහත්මිය අතවර සිද්ධිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළාය.මෙම අතවරයට මුහුණ පෑ විදෙස් කාන්තාවන්ගේ පැමිණිල්ලකට අනුව මීගමුව සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී.ආර්.ඩී. සිරිවර්ධන මහතා පුළුල් පරීක්ෂණ පවත්වා සංචාරක හෝටල් සහ මාර්ගවල සවිකර තිබෙන සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා සැකකරු වරද පිළිගත් හෙයින් සුදුසු ඇපයක් මත ඔහු මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
සැකකරුට ඇප නියම කළ අධිකරණය ඔහුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව මෙම මස 31 වැනිදා කැඳවීමට නියෝග කළේය. උපපොලිස් පරික්ෂක සතිහා හසිම් මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.
(මීගමුව අධිකරණ ඩබ්ලිව් කීර්ති)
Comments
Post a Comment
Your comment will be visible after approval