ඒ අනුව සවස 6-11 අතර ස්ථාන ගණනාවක ඊයේ 5 වනදා සිට පැයක පමණ කාලයක් විදුලිය අත්හිටුවා ඇති අතර නොදන්වා කැපීම නිසා බොහෝ අයට අපහසුතා ඇතිව තිබේ.
වෘත්තිය සමිති පෙන්වා දී තිබුනේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම සමග කැලණිතිස්ස බලාගාරයේ නිෂ්පාදනය නවතින නිසා එම අඩුව සපුරා ගන්නට මෙම කප්පාදුව සෘජුවම කරන්නට සිදුවන බවකි. ඉන්ධන අර්බුදය හේතුවෙන් රටට මේ වන විට විදුලි බලය සැපයෙන්නේ ජල විදුලි නිෂ්පාදනය හා නොරොච්චෝලේ තාප බලාගාරයෙන් තාප විදුලියෙන් වන අතර එය රටටම ප්‍රමාණවත් නොවන්නකි.
Comments
Post a Comment
Your comment will be visible after approval