මිල්ලනිය පරගස්තොට ටයර් නිෂ්පාදන ආයතනයකදී නිෂ්පාදන අමුද්‍රව්‍ය යන්ත්‍රයක් තුළට ගෙන යාම සඳහා භාවිත කරන විදුලි සෝපානයට හිස සිර වීමෙන් එක් දරු පියකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය කියයි. මියගොස් ඇත්තේ,
මොරන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචි 30 හැවිරිදි නිලූක තනූජ ද සිල්වා නමැති එක් දරු පියෙකි. මියගිය පුද්ගලයා තවත් සේවකයන් නව දෙනකු සමග ටයර් නිෂ්පාදන යන්ත්‍රයේ සේවය කරමින් සිටියදී මෙම හදිසි අනතුර වී ඇතැයි පොලීසිය කියයි. හිසට බරපතළ තුවාල සහිතව හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පී.සී.ආර්. පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඒ.ජී.එන්. විජේසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval