power-issue-sri-lanka

යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි.
ඉන්ධන අර්බුදය මීට හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ඩීසල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇත.




 පිරිපහදු කළ ඉන්ධන මේ වනවිට භාවිතයට ගැනෙයි.පිරිපහදු කරන ලද ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ අවහිරතාවක් ඩොලර් අර්බුදය නිසා පැනනැගී ඇති අතර මේ නිසා තාප බලාගාරවල ඉන්ධන අර්බුදයක් මතුව ඇතැයි කියවේ.
පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින කිහිපයක් සඳහා පමණක් බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේය.
 මතුව ඇති ඉන්ධන අර්බුදයත් මත ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ඒ අනුව අනතුරු අඟවා ඇත.
 ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ කාර්යබහුල වේලාවලදී විදුලි ඉල්ලු‍ම ඉහළ ගියහොත් පවතින තත්ත්වය මත විදුලි පද්ධතියේ බිඳ වැටීමක් සිදුවිය හැකි බවය.